ආයෙත් ජනපති වෙන්න කිසිදු අපහසුකමක් නොමැති බව මෛත්‍රී කියයි

තමාට ජනාධිපති ධූරයේ අත්දැකීම් හුරු පුරුදු බැවින් නැවත වතාවක් එම තනතුර දැරීමේ කිසිදු අපහසුතාවයක් නැතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පසුව මුළු ලෝකයම දිනා ගත නායකයා තමා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

වර්තමානයේ රාජ්‍ය සේවකයා, ධීවරයා සහ සාමාන්‍ය පුරවැසියා සතුටින් නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තම පක්ෂය සතුව පවතින මෙම ගැටළු විසඳීම සඳහා වැඩපිළිවෙලක් ඇති බවටත් පවසනවා.