ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා නව හෙද හෙදියන් 3,000ක් බඳවා ගැනීම කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම ඒ සඳහා යම් ගැටළුවක් පවතින්නේ නම එයට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර, හෙද පුහුණුව සඳහා බඳවා ගැනෙන 2019/2020 උසස් පෙළ කාණ්ඩයේ අයදුම්පත්‍ර කැඳවීම සඳහා වන ගැසට් පත්‍රය සැප්තැම්බර් මස මැද වන විට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇති අතර ඉන් තෝරා ගන්න අයදුම්කරුවන් වසර 03 ක් හෙද පුහුණුවක් සඳහා යොමු කිරීමට නියමිත ය.
මේ වන විට මෙරට හෙද පුහුණුව ලබන සිසු හෙද හෙදියන් සංඛ්‍යාව 6,700 ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

