මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී දළඳා මාලිගාවේ උතුරු දිශාමුඛව පස්වරු 07.03 ට ආරම්භ වන පෙරහැර සිවු මහා දේවාල පෙරහැර කැටුව වැව පාර, දළඳා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිත වෙනවා.
පසුව සිවු මහා දේවාලවල දේව පූජා පැවැත්වෙන අතර අලුයම් කාලයේ දී දිය කැපුම් මංගල්‍ය සඳහා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොට ට යාම සිදු කරනු ලබනවා.
අවසන් රනොද්ලි පෙරහැර සඳහා විචිත්‍රවත් කලා අංග රැසක් මෙන්ම අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ද එක් කර ඇති බවයි පෙරහැර සංවිධායක කමිටුව පවසන්නේ.

