එළඹෙන ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට එහි විධායක සභාව තීරණය කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන අතර 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ද අපේක්ෂකයෙන් ලෙස ඉදිරිපත් වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් ගොඩ නැඟී ඇති ජාතික ජන බලවේගයට දැනට පාර්ලිමේන්තු මන්ත්රී ධූර 03 ක් හිමි වී තිබෙනවා.

