හෙට දිස්ත්‍රික්ක 05 ක උණුසුම් දර්ශකය අවධානම් මට්ටමක

හෙට දිනයේ අනුරාධපුර, පොලොන්නරුව,මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එබැවින් අධික උණුසුම හේතුවෙන් ඇති විය හැකි විජලන තත්ත්ව වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය කරන ලෙසත්, හිරු එලියට නිවාරණය වීම අවම කරන ලෙස ත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.