හවායි ලැව් ගිනි හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ නම් ලැයිස්තුවක්

Maui හි ඇති වූ ලැව් ගිනි හේතුවෙන් අතුරුහන් වී ඇතැයි සැලකෙන පුද්ගලයන් 388 දෙනෙක් ගේ නම් ඇතුලත් නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීමට හවායි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ලැයිස්තුවේ නම සඳහන් එහෙත් දිවි බේරා ගත් අය වේ නම් ඉදිරිපත් වී අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් වලට සහය වන ලෙසයි.

මේ වන විට ගණනය කර ඇති පරිදි ලැව් ගිනි වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 115 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ලැව්ගිනි එක්සත් ජනපද ඉතිහාසයේ මාරාන්තිකම ස්වාභවික විපතක් ලෙස සටහන් වී ඇති අතර, මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට තමන් අපේක්ෂා කරන බව එරට බලධාරීහු පවසනවා.