සියලු පොලී අනුපාත පහළ දැමීමේ නිවේදනය නිකුත් කරයි

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත පහළ දැමීමට මහ බැංකුව විසින් නියෝග කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට නියෝග කර තිබෙනවා.

සාමාන්‍ය ණය පොලී අනුපාතය 13.5% ක මට්ටමේ ද, උකස් පොලී අනුපාතය 18% ක මට්ටමේ ද, ණයපත් පොලී අනුපාතය 28% ක මට්ටමේ ද පවත්වා ගෙන යන ලෙස මෙමඟින් දන්වා තිබෙනවා.