විභාග ඇගයීම්වල නිරත ගුරුවරුන්ට දින දෙකක රාජකාරි නිවාඩුවක්

2022 (2023) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අගෝස්තු 18 සිට 27 වන දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාග ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා ලබන 28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා ඔවුන් විසින් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.