ට්‍රම්ප් බැඳුම්කර ඇප මත මුදා හරි

ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඩොලර් 200,000 ක ඇප බැදුම්කරයක් මත මුදාහැර තිබෙනවා.

බ්‍රහස්පතින්දා දිනයේ ට්‍රම්ප් ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු විනාඩි 20 ක් පමණ බන්ධනාගාරයේ ගත කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගෙන සිරෙන් නිදහස් වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් තමන් කිසිම වරදක් නොකළ බව ප්‍රකාශ කළ ඔහු මෙම අපරාධ නඩුව යුක්තියේ සරදමක් ලෙසින් හඳුන්වා තිබෙනවා.