ධීවර සංස්ථා මාළු අලෙවිය online ක්‍රමයට

ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන online ඔස්සේ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

එහි පළමු අදියරය කොළඹින් ආරම්භ වන බවත්, පාරිභෝගිකයන් ට පහසු වන පරිදි ධීවර සංස්ථා අලෙවිසැල් රැසකම QR ක්‍රමයට මුදල් ගෙවීමේ හැකියාවක් ද සකස් කර ඇති බවත් ඔහු පවසනවා.

නව ලෝකයට ගැළපෙන පරිදි කටයුතු සිදු කිරීමෙන් පාරිභෝගික ආකර්ෂණයක් ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.