සහල් ආනයනයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඇමති කියයි

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීමත් හේතුවෙන් මේ කන්නයේ නියඟයෙන් බලපෑම් නොවුණු ප්‍රදේශ වල ඉහළ අස්වැන්නක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම මේ දිනවල සහල් හා වී මිලේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, එය පාලනය සඳහා සුදුසු යාන්ත්‍රණයක් ඉක්මනින් සකස් කළ යුතු බවත් ප්‍රකාශ කරනවා.