විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමේ තීරණයක්

විවිධ ආයතන අතර පවතින ආරවුල් මෙන්ම පුද්ගලයන් සහ ආයතන අතර ව්‍යාපාර ගනුදෙනුවලින් ඇති වන මුල්‍ය ආරවුල් විසඳීම සඳහා විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම විශේෂ සමථ මණ්ඩල කොළඹ, ගම්පහ, මහනුවර, මොණරාගල, පොලොන්නරුව සහ අනුරාධපුරය යන දිස්ත්‍රික් 06 කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි දී නිරවුල් කර ගත හැක්කේ රුපියල් ලක්ෂ 05කට වඩා අඩු මුල්‍ය වටිනාකමක් සහිත ගනුදෙනු පමණක් බවයි වාර්තා වන්නේ.

මෙම සමථකාරවරුන්ගේ මූල්‍ය මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස පත් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳ යෝජනාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ එකඟතාවය හිමි වී ඇති බව සඳහන්