පොලි අනුපාතිකය අඩු කිරීම පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කිරීම හෙට

මේ වසරේ දෙසැම්බර් වන විට අවම වශයෙන් 3% ක් දක්වා පොලී අනුපාත අඩු කිරීම සඳහා වූ පියවර ඇතුළු ණය දීමේ අනුපාතික මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම පිළිඹිබු කරන්නේ කෙසේද යන්න පිළිබඳ චක්‍රලේඛයක් හෙට නිකුත් කිරීමට නියමිත බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

තවද ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% ක සහ ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% මට්ටමේ පවත්වා ගැනීමට ද තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ආනයන සීමා කිරීම්වලින් සැලකිය යුතු කොටසක් දැනටමත් ඉහිල් කර ඇතත්, පවතින දැඩි මූල්‍ය තත්ත්වය මත ආනයන ඉල්ලුම අඩු මට්ටක පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.