දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ වනවිට රුපියල් ලක්ෂ 57 කට ආසන්න විදුලි බිලක් ගෙවීමට ඇති බවයි දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවසුවේ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවාසය කරනු ලබනවා.