ඊයේ දිනය වනවිට කරන ලද ගණනය කිරීම් වලට අනුව නියඟය හේතුවෙන් වගා හානි සිදු වී ඇති කුඹුරු ඉඩම් ප්රමාණය අක්කර 51,055.19ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
එසේම අනෙකුත් බෝග වගා හානි ප්රමාණය අක්කර 424.70ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ.
ඊයේ දිනය වනවිටත් වැඩිම වගා හානි ප්රමාණය කුරුණෑගල දිස්ත්රික්කයෙන් වාර්තා වූ අතර දෙවෙනියට වැඩිම වගා හානිය වාර්තා වන්නේ උඩවලව ප්රදේශයෙනි.

