මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නන්ට එම ජලයේ ලවණතාවය සම්බන්ධයෙන් වඩාත් කල්පනාකාරී වන ලෙස ජල සම්පත් මණ්ඩලය දැනුම් දෙනු ලබනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, භූගත ජලය භාවිත කිරීමේ දී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාර වලට යොමු කොට පරික්ෂා කර ගන්නා ලෙසයි.
ඔහු සඳහන් කළේ භූගත ජලය පානය කිරීමට නුසුදුසු තත්ත්වයට තවමත් පත් වීමක් වාර්තා නොවන නමුත් ඇතැම් ප්‍රදේශ වල ළිං වල ලවණතාවයේ වෙනසක් ඇති වී ඇති බවයි.

