ගාල්ල බන්ධනාගාරය හුදකලා කරයි

ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇති වී තිබෙන හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම සහ අලුතින් රැඳවියන් එයට ඇතුලත් කිරීම සති දෙකක කාලයක් සඳහා අත් හිටුවා තිබෙනවා.

එසේම එම බන්ධනාගාරයේ රඳවා තැබීමට අධිකරණයෙන් නියම කරන ලද රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට ද තීරණය කර ඇති බව අතිරේක බන්ධනාගරය කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

එම රෝගී තත්ත්වය හේතුවෙන් දැනට රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතැර, තවත් රැඳවියන් 7 දෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

තවද රෝග ලක්ෂණ පෙන්නුම් කරන රැඳවියන් 7 දෙනෙක් බන්ධනාගාර රෝහලේ දැනට වෙන් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.