වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටින ජනතාවට සහන සැලසීමට කඩිනමින් කටයුතු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉල්ලීමක් කර තිබෙනවා.
නියඟය හේතුවෙන් වගාවන්ට, සත්ත්ව පාලනයට මෙන්ම වන සතුන්ට ද ජලය හිඟ වීම, තෘණ බිම් විනාශ වී යාම හේතුවෙන් සතුන්ට ආහාර හිඟයක් ඇති වී තිබීම ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙසට සලකන ලෙස ඒ මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

