විද්‍යාපීඨ සඳහා ගුරු සිසුන් 7,000 ක ප්‍රමාණයක් මේ මස අවසානයට පෙර බඳවා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පවසනවා.
මේ වන විට එසේ බඳවා ගන්නා උසස් පෙළ සමතුන්ගේ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇති බව ද, මෙම කණ්ඩායමට වසර 3 ක පුහුණුවක් ලබා දී ඩිප්ලෝමාවක් පිරිනමන බව ද ඔහු සඳහන් කරනවා.
ඉදිරියේ දී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ කටයුතු ද සිදු කිරීමට සැලසුම් කරන අතර මේ හරහා පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

