මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් පසුගිය 19 වන දා සිට ජලාශයෙන් විදුලි උත්පාදනය සඳහා සපයන ජල ධාරිතාව අත් හිටුවා ඇති බව වාර්තා වෙනවා.
මොරගහකන්ද ජලාශයේ වර්තමාන සක්රීය ජල ධාරිතා ප්රතිශතය 15.3% ක් බවයි මොරගහකන්ද කලාපයේ ජලාශය භාර ඉංජිනේරු බණ්ඩාර මහතා සඳහන් කළේ.
මේ හේතුවෙන් ඉදිරියේ දී වර්ෂාව නොලැබුණහොත් වී වගාවන් සඳහා ජලය මුදා හැරීමේ ද ගැටළුවක් විය හැකි බවයි මහවැලි අධිකාරිය ප්රකාශ කරන්නේ.

