ශ්‍රී ලංකාව බංගලාදේශයේ ණය මුදලින් කොටසක් පියවයි

ශ්‍රී ලංකාව විසින් මීට වසර 2 කට පෙර මුදල් හුවමාරු යාන්ත්‍රණයක් යටතේ ලබා ගත ඩොලර් මිලියන 200 ක ණය මුදලින් ඩොලර් මිලියන 50 ක මුදල් ගෙවා ඇති බව බංගලාදේශයේ Daka Tribune වාර්තා කරනවා.

මෙලෙස ශ්‍රී ලංකාව විසින් ණය මුදලේ පළමු වාරිකය තැන්පත් කිරීමත් සමඟ බංගලාදේශයේ විදේශ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බවයි බංගලාදේශ බැංකු ප්‍රකෂකයෙන් සඳහන් කළේ.

එසේම මේ මාසය ඇතුළත ණය මුදලේ දෙවන වාරිකය ද බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළත් දෙවන වාරිකයේ මුදල කොපමණ ද යන්න පිළිබඳව ඔහු සඳහන් කිරීමක් සිදු කර නොමැති බවටි එය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී බංගලාදේශය විසින් සිය විදේශ සංචිතයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙනු ලැබුවා.