රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

පසුගිය සතියට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා.

අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනීම් මිල රුපියල් 316.72 ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 329.59 ක් ලෙස ද සටහන් වී තිබෙනවා.