ඡන්දය ගැන පොහොට්ටුවෙන් ලිඛිත ඉල්ලීමක්

කඩිනමින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වෙනවා.

එසේමමේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් 30 දෙනෙක් පසුගිය දා ජනාධිපතිවරයා ව හමු වී තිබුණා.

එහි දී පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් එයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට සිදු වී ඇති දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා.

එසේම මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් අදාළ නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට විවිධ තහංචි පනවමින් නිකුත් කර ඇති චක්‍රලේඛ අවංගු කිරීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.