සිව්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහි සමාප්ති උලෙළ පස්වරු 06 සිට පැවැත්වෙන අතර, B-love Kandy සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිත ය.
එම කණ්ඩායම් දෙකම LPL තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මීට පෙර පැවැත්වූ LPL තරඟාවලි 3 ම ජයග්‍රහණය කරන ලද Jaffna Kings කණ්ඩායමට මෙවර අවසන් මහා තරඟය ට සුදුසුකම් ලැබීමට නොහැකි වූවා.

