විශේෂඥ වෛද්‍ය හිඟය තුරන් කිරීමට පිළියමක් ලෙස එම පුහුණුව සඳහා බඳවා ගන්නා වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ඔවුන් බඳවා ගැනීමේදී ම පුහුණුවෙන් පසු රජයේ රෝහලක සේවය කළ යුතු අනිවාර්ය අවම කාල සීමාවක් නම් කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජි.විජේසූරිය පවසනවා.
එම අනිවාර්ය කාලය බොහෝ විට අවුරුදු 5 කට වැඩි වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ඊට අමතරව විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමටත් විශ්‍රාම වයසට එළඹියත් අනුප්‍රාප්තිකයෙක් නොමැති නම් කොන්ත්‍රාත් පදනම මත තවදුරටත් සේවයේ යෙදවීමටත් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කරනවා.

