ප්‍රසිද්ධ memes තරුව cheems මිය යයි

සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ෂිබා ඉනු වර්ගයේ සුනඛයෙකු වන Cheems ඊයේ දිනයේ දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මිය යන විට වයස අවුරුදු 12 ක් වූ Cheems පිළිකාවකින් බොහෝ කාලයක් පීඩා විඳිමින් සිට තිබෙනවා.

ඔහු මිය ගොස් ඇත්තේ ද සැත්කමක් අතරතුර දී වන අතර ඔහු ගේ හිමිකරුවන් Instagram සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ Ball Ball 18/8 වන දා ඔහු අවසන් උරස් සැත්කම අතරතුර දී යළි කිසිදා අවදි නොවන නින්දකට වැටුණු බවයි.

මෙම සැත්කමෙන් අනතුරුව cheems ට chemotherapy සහ අනෙකුත් ප්‍රතිකර්ම ලබා දීමට ද ඔවුන් අපේක්ෂාවෙන් සිටි නමුත් දැන් එයට ප්‍රමාද බවයි ඔවුන් පවසන්නේ.

Cheems කොරෝනා වසංගත සමයේ දී බොහෝ දෙනාව සතුටු කර ඇති බවත්, ඒ නිසා දුක් නොවන ලෙසත් කියා සිටිමින් ඔහුගේ ප්‍රීතිමත් මතකය ලං කර තබා ගන්නා ලෙස හිමිකරුවන් cheems ට ආදරය කරන සැමගෙන් ඉල්ලා සිටිනවා.

ඉතින් Cheems, ඔබට සුබ ගමන්!