එක්සත් ජාතික පක්ෂයේ නායක, සභාපති, මහලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු හැර අනෙක් සියලු තනතුරු අහෝසි කිරීමට පක්ෂය තීරණය කර තිබෙනවා.
මෙම අහෝසි වූ තනතුරු දැරුවන්ට අසාධාරණයක් නොවන පරිද්දෙන් ඒ අය ද, එජාපයේ තවත් ජේෂ්ඨයන් පිරිසක් ද ඇතුළත් කරමින් උසස් නිලතල කමිටුවක් හඳුන්වා දීමට පක්ෂයේ අවධානය යොමු ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම තීරණය සහ එජාපයේ නව ව්‍යවස්ථාව සැප්තැම්බර් 10 වෙනි දා පැවැත්වීමට නියමිත සංවත්සර සම්මේලනයේ දී අනුමත කර ගැනීමට සැලසුම් කර ඇති බවයි පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කළේ.

