අධිකරණ නිලධාරීන්ට වැටුප් රහිත විදේශ නිවාඩු ලබාදීම නතර කිරීමේ තීරණයක්

අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

විදේශ රැකියාවල නිරත වීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත වසර 05ක නිවාඩුවක් ලබාදීමට මීට ඉහත දී රජය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුණු නමුත් මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සිදුකරන අධිකරණ නිලධාරීන්ගේ ඉල්ලුම්පත් සලකා බැලිය නොහැකි බවයි අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

අධිකරණ සේවයේ දැනට පවතින පුරප්පාඩු සහ සේවා අවශ්‍යතා හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙන්නේ.