බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීමත් සමඟ ඉදිරියේ දී කුකුළු මස් සහ බිත්තර බිල අඩු කළ හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරනවා.
ඒ අනුව කුකුළු මස් කිලෝග්රෑමයක් රුපියල් 1,200ක මුදලකට හා බිත්තරයක් රුපියල් 40ක් වැනි මුදලකට ඉදිරියේ දී පාරිභෝගිකයන්ට ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
සති දෙකක කාලයක් ඇතුළත බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතින බවයි ඔහු පවසන්නේ.

