2023 වසර ට අදාළ ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි පරික්ෂා කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දී තිබෙන බව මැතිවරණ මහා ලේකම් කාර්යාලය පවසනවා.
ඒ අනුව තම නම ඇතුළත් ද යන්න තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ගෙන් විමසා මෙන්ම www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද පරික්ෂා කර ගත හැකි වෙනවා.
යම් හෙයකින් ඔබේ නම එම ලේඛනයේ ඇතුළත් නොවන්නේ නම් සැප්තැම්බර් 4 වන දා ට පෙර ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී දැනුවත් කරන ලෙස ද මැතිවරණ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරනවා.

