බදු නොගෙවන සුපිරි ව්‍යාපාරිකයන් ගැන මහින්දානන්දගෙන් දැනුවත් කිරීමක්

ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස ඉදි කරන ප්‍රධානතම ව්‍යාපාරිකයාත්, මෙරට ප්‍රධානම වී මෝල් හිමියාත් ප්‍රධානතම අපනයනකරුවාත් ශ්‍රී ලංකා රජයට කිසිදු බදු මුදලක් නොගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මෙම පුද්ගලයන්ගෙන් බදු අයකර ගැනීමට උත්සාහ නොකරන බවත්, එහි පීඩනය ද මහා ජනතාවට දරා ගැනීමට සිදු වී ඇති බවත් ය.

එසේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වසර 10 ක් සඳහා රුපියල් බිලියන 8 ක මුදලක් වය කරමින් ගොඩනගන ලද “රැම්ස්” නම් පරිගණක පද්ධතිය අද වන තුරු ක්‍රියාත්මක නොකරන බවත් මන්ත්‍රීවරයා මෙහි දී අනාවරණය කරනු ලැබුවා.