ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
පවතින ගුරු පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එසේම විදුහල්පතිවරුන් විසින් සේවා අවශ්‍යතා මත දැනට සිටින පාසල් වලම රඳවා ගැනීමට ඉල්ලීම් කරන ලද ගුරුවරුන් සදහා මෙම තීරණය බලාත්මක නොවන බව ද දැනුම් දෙනවා.

