‘ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සංසදය’ නමින් නව සංවිධානයක් ලබන සතියේ එළි දැක්වීමට නියමිත බව වාර්තා වනවා.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ගත යුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ ඒවා ක්රියාවට නැංවීම මෙහි අරමුණ ලෙස දක්වා තිබෙනවා.
මෙහි පළමු අදියරයේ දී පක්ෂ කිහිපයකට අයත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරු 10 දෙනෙක් මේ සඳහා එක වීමට නියමිතව තිබෙන අතර එළඹෙන පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සිය ඉදිරි වැඩපිළිවෙල ආරම්භ කෙරෙන බව සඳහන් වෙනවා.

