කොලොම්බියාවේ අගනුවරට සහ ඒ අවට ප්‍රධාන නගර කිහිපයට බලපෑම් එල්ල කරමින් ප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙනවා.
ඊයේ මධ්‍යහන වෙලාවේ දී ඇති වූ කම්පනය බොගෝටා අගනුවර සිට ගිනිකොන දෙසින් සැතපුම් 100 ක් පමණ දුරින් කේන්ද්‍රගත වී ඇති අතර එය රික්ටර් මාපකයේ 6.3 ක මූලික ප්‍රබලතාවක් සහ එහි පසු කම්පනය 5.7 ක මූලික ප්‍රබලතාවක් සටහන් කළ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඉන් පසුව සවස ඇති වූ කම්පනය රිච්ටර් මාපකයේ 5.0 ක ප්‍රබලත්වයකින් යුතු විය.
බොගෝටා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්යක්ෂ Paula Henao ප්‍රකාශ කර තිබෙන්නේ භූ කම්පනය හේතුවෙන් කලබලයට පත්ව ගොඩනැගිල්ලකින් වැටි එක පුද්ගලයෙක් නිය ගොස් ඇති බවයි.

