බඩඉරිඟු ආනයන බදු අඩු වෙයි

බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25 දක්වා අඩු කර තිබෙනවා.

බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ.