රාජ්‍ය නොවන විශ්විද්‍යාල ඇති කිරීමේ සැලැස්මක්

රාජ්‍ය විශ්විද්‍යාලවලට අමතරව රාජ්‍ය නොවන විශ්විද්‍යාල ද ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

සිසුන්ට ආර්ථික අපහසුතා හේතුවෙන් අධ්‍යාපනය නතර නොකර රාජ්‍ය නොවන විශ්විද්‍යාල වෙත ඇතුළත් වීමට සහන ක්‍රමයක් යටතේ ණය ලබා දීමේ වැඩසටහනක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම සිසුන්ට ඉංග්‍රීසි, චීන සහ හින්දි යන භාෂා පිළිබඳ දැනුම ලබා ගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.