අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරන දකුණු ආසියානු රට බවට ශ්‍රි ලංකාව පත් වෙයි

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම ප්‍රතිපාදන වෙන්කරන දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ අතිශය ප්‍රගතිශීලි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලීමට මෙරට ජාතික අධ්‍යාපනයට වෙන් කරන මුදල කඩිනමින් ඉහළ දැමිය යුතු බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට අඩු ප්‍රතිශතයක් වන අතර එම අගය 4%ත් 6%ත් අතර වන ජාත්‍යන්තර සලකුණු දර්ශකයට බෙහෙවින් අඩු අගයක් වන බව එම සංවිධානය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන්කරන ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන් තමන් ඉල්ලා සිටින බව යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් මහතා පවසනවා