5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් තෝරා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ සඳහා වූ අයදුම්පත් www.donets.lk යන වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමු කළ හැකි වන අතර D.O.E යන ජංගම දුරකථන යෙදුම හරහා ද අයදුම් කළ හැකි වෙනවා.

