විදුලිබල මණ්ඩලයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටවනු ලබන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කරනවා.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහා නගර සභා බල ප්රදේශවලට, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප්රදේශ වලටත්, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්රාදේශීය සභා බල ප්රදේශවල සහ රත්මලාන කටුබැද්ද යන ප්රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙනවා.
ඒ අනුව ලබන සෙනසුරාදා පෙරවරු 08 සිට ඉරිදා අලුයම 02 දක්වා යන පැය 18 ක කාලයක් තුළ ඉහත සඳහන් ප්රදේශ වලට ජල සැපයුම අත් හිටවෙනු ලැබෙන බවට නිවේදනය කරනවා.

