නිව් යෝර්ක් නගරයේ TikTok තහනම් වෙයි

චීනයෙන් ඇති විය හැකි ආරක්ෂක තර්ජන වළක්වාලීමේ අරමුණින් එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නිව්යෝර්ක් ප්‍රාන්ත රජය විසින් නිකුත් කරන ලද සියලුම ජංගම දුරකථන උපාංග වලින් දින 30 ක් ඇතුළත TikTok යෙදුම ඉවත් කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට නිව්යෝක් නගරය විසින් නිකුත් කරන ලද කිසිදු උපාංගයකින් TikTok යෙදුම download කිරීමට හෝ එම වෙබ් අඩවියට පිවිසීමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් TikTok යෙදුම අයත් චීනයේ ByteDance සමාගම කියා සිටින්නේ ඇමරිකානු TikTok පරිශීලකයන්ගේ දත්ත කිසිවක් චීන රජය හා බෙදා ගෙන නොමැති බවත්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සැලකිය යුතු පියවර ගෙන ඇති බවත් ය.