සිනොපෙක් ඉන්ධන උපරිම සිල්ලර මිලට වඩා අඩු මුදලකට

‘සිනොපෙක්’ සමාගම විසින් ලබන සැප්තැම්බර් 20 වෙනි දා සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ලබන සැප්තැම්බර් මස වන විට සිනොපෙක් සමාගම සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එසේම ඒ හරහා ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේත ක්‍රමය අත්හිටුවීමට හෝ ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ද හැකි වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.