IMF වෙතින් විශේෂ නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් ලබන සැප්තැම්බර් 14 වනදා සිට 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිවේදනය කර තිබෙනවා.

එම නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බව යි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.