සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමා වනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව දැනට පවතින තත්ත්වය සලකා බලමින් අවශ්‍ය වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා පවසා සිටිනවා.
සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ යමින් තිබෙන අතර විශාල ජලාශ 73හි භාවිත කළ හැකි ජල ධාරිතාව 29% දක්වා පහළ බැස ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

