නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

පසුගිය 8 වන දා බිඳ වැටීමකට ලක් වුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව දැන් මේ වන විට එම ජනන යන්ත්‍රය හරහා ද ජනනය වන විදුලිය ජාතික පද්ධතියට එකතු වන බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.