ලංකා ප්රීමියර් ලීග් (LPL) 2023 තරඟාවලියේ අවසන් වටයේ තරඟ හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එම අවසන් වටයේ තරඟ සඳහා Dambulla Aura, B-love Kandy, Galle Titans සහ Jaffna Kings යන කණ්ඩායම් සුදුසුකම් ලැබීමට සමත් වුණු අතර Colombo Strikers කණ්ඩායමට තරඟයෙන් ඉවත් වීමට සිදු වුණා.
තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ පළමු තරඟය හෙට Galle Titans සහ Dambulla Aura යන කණ්ඩායම් අතර පැවැත්වෙන අතර ඉන් ජයග්රහණය කරන කණ්ඩායම ලබන 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට සහභාගී වීම සඳහා ඍජුව සුදුසුකම් ලබනවා.
එසේම හෙට රාත්රියේ B-love Kandy සහ Jaffna Kings යන කණ්ඩායම් අතර එලිමිනේටර් තරඟය පැවැත්වෙන අතර ඉන් ජයග්රහණය කරන ලද කණ්ඩායම, අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ දෙවන තරඟයේ දී, පළමු සුදුසුකම් ලැබීමේ තරඟයෙන් පරාජයට පත් වුනු කණ්ඩායමත් සමඟ තරඟ වැදීමට නියමිත ය.

