ඩොලර් වලින් නිකුත් කරන ලද බැඳුම්කර රුපියල් වලින් පියවයි

දේශිය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් අගයන් මත නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල්වලින් නාමනය කළ නව භාණ්ඩාගාර බැඳුම්කරවලින් පියවීම ඊයේ සිදුකරන ලද බව මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව විචල්‍ය අනුපාතයක් යටතේ ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර 05ක් ලෙස පරිවර්තනය කිරීම මෙහි දී සිදු වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස පසුගිය ජුලි 04 වැනිදා මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමේ යෝජනාවට අනුව මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.