ලංකා සතොස විසින් හෙට සිට ක්රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 09 ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව LSL කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 970කි.
සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625කි.
හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1160කි.
මේ අතර බාස්මතී සහල් කිලෝ ග්රෑම් 1ක නව මිල රුපියල් 675ක් ද, රතු කැකුළු සහල් කිලෝ එකක නව මිල රුපියල් 147 ක් ද වන ලෙස මිල පහත දමා තිබෙනවා.
එසේම දුඹුරු සීනි කිලෝ එකක් මිල ද රුපියල් 350ක් දක්වා අඩු කර තිබෙනවා.
අර්තාපල් කිලෝ එකක් රුපියල් 325ක්, කඩල කිලෝ එකක් රුපියල් 555ක්, සුදු ලූණු කිලෝ එකක් රුපියල් 630ක් ලෙස මිල පහල දමා ඇති අතර එම භාණ්ඩ සියල්ල රුපියල් 05කින් මිල අඩුකර ඇත.

