ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය හා අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඵලදායිතාව හා සම්බන්ධ ගැටලු පිලිබඳ විධිමත්ව කටයුතු කිරීම සඳහා නීතිමය වශයෙන් වගකිවයුතු ආයතනක මෙරට දැනට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම කොමිසම පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
පර්යේෂණ මඟින් ගොඩ නැගෙන දත්ත සහ සාක්ෂි මත පදනම්ව ප්‍රතිපත්ති නියමයන් රජය වෙත නිර්දේශ කිරීම සඳහා වන ස්වාධින ආයතනය අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබෙන අතර එහි එක පියවරක් ලෙස මෙලෙස විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

