පවතින තත්ත්වය තුළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ මොහොතේ රට ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක් වී ඇති නිසා මේ අවස්ථාවේ රටට අවශ්‍ය වන්නේ ආර්ථික වර්ධනයක් බව ද, බලය බෙදීමේ යෝජනා මේ අවස්ථාවේ දී ඉදිරිපත් කිරීම නුසුදුසු බව ද එම පක්ෂය විසින් පෙන්වා දී තිබෙනවා.
එසේම රටේ ඒකීයභාවය බිඳීමට තැත්කරන යෝජනාවලියකට හෝ පුද්ගලයෙක්ට කිසි ලෙසක සහය නොදෙන බවයි ලේකම්වරයා අවධාරණය කර තිබෙන්නේ.

