2024 වසරේ ද රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කරනවා.
2023 වසරේ ජූනි මස 30 වන දා ට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින් ලබන වසර සඳහා වැටුප්, සහ අනෙකුත් දීමනා ඇස්තමේන්තු කර ගත යුතු බවයි ලබන වසර සඳහා වන අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කරමින් සඳහන් කළේ.
එසේම දේශීය පුහුණුවීම් සඳහා ප්‍රතිපාදන ඇතුලත් කළ යුත්තේ, සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පටිපාටි සහ චක්‍රලේඛ මඟින් එවැන්නක් නියම කර ඇත්නම් පමණක් බවයි ඔහු පවසන්නේ.

